ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ විසින් ගොනු කරනු ලබන පෙත්සමක් අද (03) පස්වරු 2.00ට ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දීමට නියමිතය.

මෙම පෙත්සම ගොනු කිරීමට නියමිතව තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය විසිනි.