පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමෙන් පසුව දේශපාලන වේදිකාවේ සිදු කරන කතා දැඩි ලෙස විවේචනය කෙරෙමින් පවතී.

මෙම විවේචනය බාහිර සමාජය සිදු කරන ඒවා නොව ඩලස් අලහප්පෙරුම විසින් ඩලස් අලප්පෙරුමට ම විරුද්ධව එල්ල කර ගන්නා විවේචනවල ස්වභාවයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රචාරය සඳහා සිදු කළ නාස්තිකාරී වියදම් 2019 දී පමණ ඩලස් අලහප්පෙරුම දැඩි ලෙස විවේචනය කර තිබිණි. එසේ විවේචනය කළ එක් අවස්ථාවක් “පිටු බාගයක දැන්වීමකට ලක්ෂ දෙකක් හෝ ලක්ෂ දෙක හමාරක්. හිතන්න පත්තර 12ක එක දවසකට යන වියදම. මල්ලිකා අම්මා වගේ කී දෙනෙකුට ගෙවල් හදලා දෙන්න පුලුවන් ද?“ යනුවෙන් ප්‍රශ්න කර තිබිණි.

එමෙන් ම තවත් අවස්ථාවක “ ඔවුන්ගේ ඉතිහාසය දිහා බලන්න. ඔවුන්ගේ භාවිතාව දිහා බලන්න. කාට හරි අවශ්‍ය වෙලා තියෙන්නේ සිමෙන්ති කොට්ට දෙකක් නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙන්න“ යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.