ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර එහි ප්‍රතිපාදන පළුදු නොකරන පොදුජනවාදී ප්රජාතන්ත්රවාදී රාජ්‍ය පාලනයකට නායකත්වය ලබා දෙන බවයි ඔහු කියන්නේ.
“වර්තමානයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හරහා නවතම ඒකාධිපති ආඥාදායකත්වයක් ඇති කර තිබෙනවා. විධායකය වටා බලය කේන්ද්‍ර කර ගෙන හිතුමතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුඅමුවේ උල්ලංඝනය කර ඔවුන් කැමති පොලිස්පති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් කටයුතු කළා. එය මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවලා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ සර්වජන ඡන්ද බලය උල්ලංඝනය කරමින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඔහු මූලික අයිතිවාසිකම් කඩ කරන්නෙක් බවට අධිකරණය ඒකමතිකව තීන්දුවක් දුන්නා.
මට අගමැති වෙන්න 71 වතාවක් ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාර ගන්න කතා කළත් මම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා මෙන් මම හොරු සමඟ එකට වාසය කළේ නැහැ. රට හොරා කෑ හොරුත් එක්ක දේශපාලන දීග කන්න මට ලැජ්ජයි. ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට විවිධ ක්ෂේත්‍ර යටතේ පත්වීම් කළ හැකි බලය ලැබෙනවා. ඒත් මම මගේ තනි මතයට වැඩකරන්න සූදානම් නැහැ” යි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.