මඩ ගැසීමෙන් අවලාද නැගීමෙන් ජාතික ජන බලවේගය නැමති මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පුනරුදයට රටම එකට තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“මේ පිටිය පුරා විසිරී සිටින අධිෂ්ඨානයෙන් යුතු ජනතාව දෙස බලන විට පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට තමන්ගේ පංගුව එකතු කරන්න හොරණ ආසනයේ ජනතාව සූදානම් කියන එකයි. මේ වන විට ජනාධිපති සටන පටන් ගෙනයි තිබෙන්නේ. එක පැත්තකින් සජිත් පේමදාස මහත්තයා කාගෙන් හරි සල්ලි ටිකක් අර ගෙන පාසලකට බස් එකක් හෝ පන්ති කාමරයක් ලබාදී ළමයි එකතු කරගන, ‘මිත්‍රවරුනි’ කියලා දේශපාලන කතා පවත්වනවා. ෆොන්සේකා මහත්තයා එයාට වැටෙන්න කඳ හරහා ගහපු නිසා මේ දවස්වල කතා අඩු කරලා තිබෙන්නේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය යොදවලා දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු කැඳවමින් තව පැත්තකින් අල්ලස් දීලා මන්ත්‍රීවරු ගන්න ක්‍රියා කරමින් ජනතාවට බඩු සහ ඉඩම් ඔප්පු බෙදමින් යනවා.
රනිල් වික්‍රමසිංහ ජනතාවට හැමදාමත් අනාගතය ගැන කියමින් ඉන්නවා. ඔහු අනාගතය වෙනුවෙන් හැමදාමත් කියූ කිසිම දෙයක් ඉටු වී නැහැ. මීට කලකට පෙර අපේ රටේ තරුණ තරුණියන්ට රත්තරං බ්‍රේස්ලට් පැළඳිය හැකි තත්වයක් ඇති කරන බව කීවා. නමුත් අන්තිමටම ගෙදර අම්මලාගේ සහෝදර සහොදියන්ගේ රත්තරං බඩු ටික බැංකුවලට සින්න වෙලා ගියා. ඊට පස්සේ කිව්වා රට පුරා වයිෆයි කලාප ඇති කරනවා කියලා. අන්තිමට සිදුවී තිබෙන්නේ රුපියල් 100/- ඩේටා කාඩ් එකක් දාගන්න බැරි වීමයි. 2020වන විට ලංකා ණය බරින් නිදහස් කරන බව කලින් කීවා. තව අවුරුදු හතරකින් ණය ගෙවන්න පටන් ගන්න බව දැන් කියනවා. ඉස්සර ගුවන් විදුලියේ ගීතයෙන් ගීතය කියලා වැඩ සටහනක් තිබුණා වගේ රනිල් වික්‍රමසිංහ දැන් කියන්නේ බොරුවෙන් බොරුව. එක බොරුවක් කියලා ඒක අමතක වෙද්දී තව බොරුවක් කියනවා. මුල් බොරුව ජනතාවට අමතක කරනවා. බොරුවෙන්මයි යන්නේ. ඔවුන් යමක් කරයි කියලා විශ්වාස කළ කාලයේ ජනතාව ඒ බොරු පිළිගත්තා. අපේ රටේ ජනතාව එවැනි බොරුවලින් රැවටිය නොහැකි බව දැන් ඔප්පු කර තිබෙනවා. බොරු කරපු, බොරු කියපු සියලු දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම පරාජය කරන්න ජනතාව දැන් සූදානම්.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ගැන කිසිකෙනෙක් සැකයක් තියා ගන්න එපා. අපි කිසි කෙනෙක් හදිසියේ ඡන්දයට කඩා පාත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ කරන්නේ ඇහින්දාස් ක්‍රමයට පිරිසක් ගලවා ගන්නයි. පොහොට්ටුවෙන්, සමගි ජන බලවේගයෙන් වගේම තවත් එහෙන් මෙහෙන් එකතු කරගෙන අටවා ගන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂලාට එහෙම එකක් වත් නැහැ. සජිත් ප්‍රේමදාසත් තමන්ගේ පිරිස රැක ගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. ජාතික ජන බලවේගයේ අපි කොළඹදී ජාතික සමුළුව පවත්වා ඉන්පසුව දිස්ත්‍රික් සමුළු පවත්වා ආසන සමුළු පවත්වා විධායක සභා සහ සංවිධාන මණ්ඩල පත්කර ගනිමින් ක්‍රියාත්මක වූනා. අවසන් වශයෙන් ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් කොට්ඨාශ සභා පිහිටවූවා. මේ ආකාරයට දැවැන්ත සංවිධාන ජාලයක් වටා මේ රට වෙනුවෙන් කැපවී ක්‍රියාකරන්න සූදානම් එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ සියලු දෙනා එකතු කර ගත්තා. එතනින් නතර නොවී කාන්තාවක් එකතුකර ගනිමින් “ගැහැනු අපි එක මිටට” සංවිධාන ගොඩනැගුවා. දස දහස් ගණන් කාන්තා බලවේග සංවිධාන දේශපාලනයට එකතු කර ගත්තා. ත්‍රිවිධ හමුදා විශ්රාමිකය, විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුව, නීතිඥවරුන්ගේ එකතුව, වෛද්‍යවරුන්ගේ එකතුව, ඉංජිනේරුවන්ගේ එකතුව ඇතුළුව සියලු බලවේග උඩින් වගේම බිම් මට්ටම දක්වා එකතු කර ගනිමින් රට පරිවර්තනය කළ හැකි මහා ජන බලයක් ගොඩනැගුවා. අපේ රටේ පොදු ජනතාව මාලිමාව දිනවනවා කියන විශ්වාසයෙන් කටයුතු කරනවා.
අපට විතරක් නොවෙයි, රනිල්ටත් විශ්වාසය තිබෙනවා මාලිමාව දිනනවා කියලා. රනිල්ට මේ ජනාධිපතිවරණය පහසුවෙන් දිනන්න හැකි නම්, ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රම සොයන්නේ නැහැ. ඔවුන් ජනාධිපතිවරණයෙන් පළා යාමට උත්සාහ කිරීමෙන් තහවුරු වන්නේ මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන බවයි. අපි මාලිමාව දිනවන්නේ මේ තිබෙන ආණ්ඩු වෙනුවට ආණ්ඩුවක් හදන්න හෝ දැන් ඉන්න ජනාධිපතිවෙනුවට වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න විතරක් නොවෙයි. අපි ගොඩනගන ආණ්ඩුවට විතරක් කළ නොහැකි අපි හැමෝම එකතු වී ගැඹුරු සමජ වෙනසක් සිදුකරමින් රට ගොඩනැගීමේ අභියෝගයක් අප ඉදිරියේ තිබෙනවා.
ජාතික පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. ලෝකයේ රටවල් වේගයෙන් ඉස්සරහට ගියත්, සිටි පාලකයන් පසුගිය සියවසේදී අපේ රට ගෙනගියේ ආපස්සට. නිදහස ලබන විට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයක් තිබුණු ලංකාව අද ආසියානු ආර්ථිකයේ අන්තිමයා. නිදහස ලබන විට විදේශවලට ණය නොවී තිබුණු ලංකාව අද ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සෙන් ගිහිල්ලා කෙඳිරි ගගා ණය ආපසු ගෙවීම කල්දමාගෙන තිබෙනවා. අපිට අතීතයේ දැවැන්ත ශ්‍රී විභූතියක් තිබුණු බව අපි කවුරුත් දන්නාව. නව පාලකයන් කළේ නැවත පැරකුම් යුගයක් ගොඩනගමු කියලා මායාවක් ඉදිරි පත් කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ දුටු ගැමුණු ගැන චිත්‍රපටි හදලා අතීතයට ගෙන යන්න උත්සාහ කළා.
මැලේසියාව කෘෂිකර්මාන්තයේ අලුත් බීජ සොයා ගනිමින් ඉදිරියට යන කොට අපේ රටේ මැලේසියාවෙන් ගෙන් වූ දේවල් පාර අයිනේ විකුණන තත්වයට පත් වුණා. මැලේසියාවේ සියඹලාත් තිබෙනවා. අනෙකුත් රටවල් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්රයේත් පිමි පනිමින් යනකොට, පාලකයන් විසින් අපේ රටට විසිවැනි සියවස මගහරිනු ලැබුවා. ඒ නිසා 21වැනි සියවස වෙනුවෙන් අපේ රටට පුනරුද යුගයේ පිම්මක් පනින්න ඕනෑ. ඒ නිසා මෙය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන හෝ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන මැතිවරණයක් නොවයි. රට පිම්මක් පැනීම වෙනුවෙන් සියලු බලවේග එක්කර ගන්නා අවස්ථාවක්. ඒ වෙනුවෙන් සමස්ත ජනතාවම සම්බන්ධ කරගත් ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා. සියඹලාණ්ඩුවට, වව්නියාවට, කිලිනොච්චියට නොගිය සංවර්ධනය ජනතාව කරා ගෙනියන්න ඕනෑ. පහළ සිටි උඩට වගේම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ජනතාවට සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් ගොඩනඟන්න ඕනෑ. රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරන තුරු සහන ලබාදී සහන නොමැතිව දෙපයින් සිටිය හැකි ජනතාවක් මේ රටේ බිහිකරනවා. මේ කටයුතු කරන්න ගියාම අපෙන් නිතර අහන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
ජේ.වී.පී. සහ එන්.පී.පී. එක ගැන ප්‍රශ්නකරන ගොඩක් දෙනෙකුට මේ මහජන ව්‍යාපාරය තේරුම් ගන්න බැහැ. මෙයට පෙර තිබෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී සංධාන පිහිටුවාගෙන මන්ත්‍රී ධුර, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර වගේම ඇමති ධුර බෙදාගන්න දේශපාලනයක්. අපට මොනවාද දෙන්නේ? කියලා අහන කිසිවෙකුත් එන්.පී.පී. වේදිකාවල නැහැ. අපි ඔක්කෝම එකතු වෙලා රටට යමක් කරන්නේ කොහොමද කියලා අධිෂ්ඨානය තිබෙන පිරිසක් අප වටා එකතුවී ඉන්නවා. පුනරුද යුගයේ ප්‍රධාන කටයුත්තක් ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න තිබෙනවා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුනාම සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනතාවන්ගේ අනන්‍යතාවයන් ඒ තුළ ආරක්ෂා වෙනවා. මාලිමාව නිර්මාණය වී තිබෙන විවිධ සංවිධානවල අනන්‍යතාව වෙන වෙනම තිබියදී, බිඳ වැට්ටූ රට ගොඩනැගීමේ පුනරුද යුගයේ කාර්යභාරය වෙනුවෙන් අපි සියලු දෙනා එක්වී කැපවී සිටිනවා. මේ වගේ බලවේගයක් වෙන කාටවත් නැහැ. වරාය හා නාවික ඇමති ධුරය රෝහිත අබේගුණවර්ධන වැනි කෙනෙකුට දුන් අය, අපේ ආණ්ඩුවක ඇමති මණ්ඩලයට පත්කරන්න අයගේ සුදුසුකම් අහනවා. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවෙලා සිටි සමයේ ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර චීනයෙන් ගේනවා කිව්වා. නමුත් මාලිමාව වටා එක් එක් ක්ෂේත්රවල ඉහළම හැකියාවන් තිබෙන වෘත්තිකයන් පෙළ ගැසී සිටිනවා.
අපි සම්බන්ධයෙන් කලබලවී සිටින සතුරන් අපේ කතා විකෘති කරමින් ජනතාව බිය ගන්වන ප්‍රචාර යවනවා. අපිට ගල් ගහලා මඩ ගහලා වට්ටන්න බැරි බව සතුරන්ට අවධාරණයෙන් මතක් කරනවා. අපේ කතා විකෘති කර, ප්‍රචාරය කිරීම නිසා කළබල වෙන අයට අපි සම්පූර්ණ කතාව බලන්න කීවාම අපේ කතා අඩංගු වීඩියෝ සම්පූර්ණයෙන්ම අහන අය වැඩිවෙනවා. ඒ තුළින් වඩා හොඳින් ඇත්ත අවබෝධ කර ගන්නා ජනතාව ඔවුන්ව අත්හැර අප වටා එකතු වෙනවා. අපට මඩ ගහන රූපවාහිනී නාලිකා වේගයෙන් ප්‍රතික්ෂේප කෙරෙමින් යනවා. අපට මඩ ගහන යූ ටියුබ් නාලිකා ජනතාවගෙන් වේගයෙන් ප්‍රතික්ෂේප වෙමින් යනවා. මඩ අවලාදවලින් මේ ජන ගඟ නවත්වන්න බැරි බව තහවුරු වී තිබෙනවා. “බාධක දැක පෙරමුණේ – මොන නදියද නැවතුණේ” කියලා කතාවක් තිබෙනවා. ගංඟාවක් ගැලීම බාධක නිසා නතර වෙන්නේ නැහැ. මාලිමාව සියලු බාධක මැඩගෙන ඉදිරියට යනවා. අපි හැමෝම ජනාධිපතිවරණය දක්වා එකට එකතු වී කිසිවෙකුට පරාජය කළ නොහැකි මහජන ප්‍රවාහය ගොඩනඟා පෙරටම යන්න ඕනෑ. ජයග්‍රහණය තිබෙන්නේ අපි අතේ. අතීතය සතුරන් සතුවේ. අනාගතය මහජනතාව සතුවේ. අපි හැමදෙනාම එකතු වී පොදු ජනතාව දිනවමු. ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් පිහිටුවා රට දිනවමු.”