සජිත් ප්‍රේමදාස සමඟ සිටින මන්ත්‍රීවරු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ සෘජුවම
සම්බන්ධතා පවත්වන බව මරික්කාර්ගේ සිදුවීමෙන් තහවුරු වී ඇති අතර, ඔහු වැනි තවත්
මන්ත්‍රීවරු පිරිසක් ළඟදීම සජිත් හැර යනු ඇති බව තහවුරු වී තිබේ.
සජිත් පිල සමඟ රනිල් පිල එක් වීමට සූදානම් බව `ලංකා ටෲත්’ වෙබ් අඩවියෙන් ඊයේ (02) හෙළි
කරනු ලැබීය. එම හෙළි කිරීමෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙර මන්ත්‍රී මරික්කාර් සමඟ
රනිල් වික්‍රමසිංහ පවත්වන සාකච්ඡා පිළිබඳ වීඩියෝ පටය ජාතික ජන බලවේගයට අතට පත්
විය.
මන්ත්‍රී මරික්කාර් මෙන්ම සමන් රත්නප්‍රිය එක් වී රනිල් වික්‍රමසිංහ සමඟ සිදු කළ සාකච්ඡාව
සජිත් පිලේ තවත් බොහෝ මන්ත්‍රීවරුන් ඔහු හැර යාමේ ආරම්භය බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය සාතිශය බහුතර ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින්,
ජයග්‍රහණය කිරීම අඩපණ කිරීම සඳහා රනිල් සහ සජිත් පිල එක් වීමට සියලු කටයුතු
සූදානම් කෙරෙමින් පවතින බව හෙළි වී ඇත.
මේ අනුව සජිත් ප්‍රේමදාස පමණක් තනි වී අනෙකුත් ප්‍රබලයන් සියලු දෙනා ඉවත්ව යාම නුදුරේ
දීම සිදු වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.