තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

යම් ප්‍රශ්නයක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් කතා කර විමසීමට තරම්වත් මනුස්සකමක් සජිත් ප්‍රේමදාස තුළ නැති බවත් ඡන්ද ව්‍යාපාරය මැදදි තමන්ට ඉල්ලා අස්වීමට සිතුණ නමුත් තමන් එසේ නොකළ බවත් ඔහු අවධාරණය කරයි.

ඒ බව සඳහන් කරමින් ඔහු මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්.