වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව වැවිවලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්ත පවසයි.
දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවද ඔහු පවසයි.
“අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි. සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.”
ලබන වසර වනවිට දැනට පවතින පොල් අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වනු ඇති බවද වැවිවලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්ත වැඩිදුරටත් සඳහන් කරයි.