ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්‍රික් සමුළු අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අති සාර්ථකත්වයක් එකතු කර තිබේ.

අද (23) පෙරවරුවේ පවත්වන ලද එම සමුළුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රමුඛ කලාකාරිනියන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් රැසක් එක්ව සිටියෝ ය.

ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ආචාර්ය චන්දන අබේරත්න මෙම සමුළුවට සහභාගී වී සිටියහ.