මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27 දක්වා පහත වැටුණු බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්නේ ඔහුගේ පියාගේ ප්‍රේමදාස නාමයට පමණක් බවත්, ප්‍රේමදාස නාමය නොමැතිව සජිත් යන නමෙන් පමණක් ඔහු මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඡන්ද ප්‍රතිශතය සියයට 10ක් පමණ දක්වා අඩු වනු ඇති බවත් පී. හැරිසන් මහතා පවසනවා.