තම පියා නැවැත්වූ තැනින් නැවත කටයුතු ආරම්භ කරන බව පවසන සජිත් ප්‍රේමදාසගේ සැබෑව සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ පවා බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නුවරඑළිය නිල නිවාසයට සූපවේදීන් හබරන ජෝන් කීල්ස් හෝටලයෙන් ගෙන්වා ගන්නා ලද බව පසුගිය සතියේ හෙළි කර තිබිණි. රාජ්‍ය නායකයින් 07 දෙනෙකුගේ සූපවේදියාගේ කතාව යන අනු සිරස්තලයෙන් දේශය පුවත්පත අගමති මන්දිරයේ සේවය කළ එස්. ඩබ්ලිව්. පී. හේමපාල සූපවේදියාගේ අත්දැකීම් හෙළිකරනු ලැබීය. එහිදී ඔහු සඳහන් කර තිබුණේ රණසිංහ ප්‍රේමදාස “අගමැති හාමුදුරුවෝ“ ලෙස ආමන්ත්‍රණය කළ බව ය. ඔහු නුවරඑලිය නිල නිවාසයට පැමිණි පසු “අපිට අමතරව එතුමට කෑම බීම සපයන්න ජෝන් කීල්ස් ආයතනයේ හබරන විලේජ් හෝටලයේ සූපවේදීන් කට්ටියකුත් එනවා“ යනුවෙන් මෙතෙක් පොදු ජනතාව දැන ගෙන නොසිටි කරුණු හෙළිකර තිබිණි.

පියාණන්ගේ අඩිපාරේ යන බව කියන සජිත් ප්‍රේමදාස ද මේ ආකාරයෙන් මහජන ධනය නාස්තිකාර ලෙස තම සුඛ විහරණයට යොදා ගන්නා බව මේ වනවිටත් තහවුරු වී තිබේ.