මේ වනවිටත් ඉතා අසීරුවෙන් ආරක්ෂා කරගෙන සිටින නිදහස් අධ්‍යාපනයේ පාසල් පද්ධතිය විදේශීය කෝටිපතියන්ට පාවා දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එමින්, රනිල් වික්‍රමසිංහ සහ රණසිංහ ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් 1980 දශකය ආරම්භයේ සිටම ක්‍රියා කරනු ලැබී ය. එහෙත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දියත් කරන ලද අඛණ්ඩ අරගලය නිසා මේ දක්වා යම් ප්‍රමාණයකින් හෝ එම අධ්‍යාපන අයිතිය ආරක්ෂා වී පවතී. එය පෞද්ගලිකකරණය කිරීමට ගෙන යන නවතම ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස අතට ගෙන ඇති බව හෙළි කරන ප්‍රකාශයක් කරනු ලැබූයේ, පහත
දැක්වෙන ආකාරයෙන් ය.

“ලෝකයේම ඉන්න කෝටිපතියන්ට මේ රටේ පාසල් 10,136 භාර දී පවත්වාගෙන යන්න ක්‍රියා කරනවා” යනුවෙන්  ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධ වීඩියෝව පහත දැක්‌වේ.