හෙට (21) දිනජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී අද (20) උදෑසන බැසිල් රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. වාර්තා වන අන්දමට ඊටත් පෙරම ගෝඨාභය රාජපක්ෂ ද රටින් පිටව ගොස් ඇති බව දැන් වාර්තා වෙනවා.
ඔහු පසුගිය සෙනසුරාදා (14) මෙරටින් පිටව ගිය බවයි කියන්නේ. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 282 දරන ගුවන් යානයෙන් එදින උදෑසන 08.20ට මෙරටින් පිටව ගිය බවයි වාර්තා වන්නේ. ඔහු පළමුව ඉන්දියාවටත් එතනින් පසු භූතානය බලා ගිය බවයි දැනට වාර්තා වන්නේ.