මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්ය ලෙසම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිය ඉටු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානාය අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 3.00ට පැවති ජන හමුව අමතමිණි.
ඒ සඳහා ටොරොන්ටෝ හි ජාතික ජන බලවේගයේ සංවිධායක නිහාල් ප්‍රේමලාල් ඇතුළු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර එම ජන හමුව අවසානයේ පැමිණ සිටි පිරිස අතරින් නැගූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පැනයකට පිළිතුරු දෙමින් අනුර දිසානායක වැඩිදුරටත් දැක්වූ අදහස්,
“පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉතාමත් විධිමත් පරීක්ෂණයක් කරන ලද නිලධාරීන් අද අපිත් එක්ක ඉන්නේ. මැයි මාසේ අපේ පොලිස් සාමූහිකය ඉදිරිපත් කරනවා. ඒකේ ප්‍රධානියා වෙන්නෙත් පාස්කු පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවපු නිලධාරියා. ඒ නිසා බව වෙන්න එපා. ඒ ගැන අපි පරීක්ෂණයක් තියනවාමයි. මොකද ඒක කාලයේ වැලිතලාව විසින් යටපත් වෙන්න ඉඩ නොදියයුතු කරුණක්. ඒක ඛේදවාචකයක්. සිද්ධියෙන් මියගියා දෙසිය හැට ගණනක්. පන්සීයකට විතර තුවාල වුනා. ඒකම නෙවෙයි ප්රශ්නය. අපේ සමාජයක් දෙපළු කිරීම. සිංහල මුස්ලිම් ජනතාව අතර සැකය වෛරය ක්‍රෝධය වර්ධනය කිරීම. එක ජන කණ්ඩායමක් බියට පත් කරලා තිබුණා. ඒවා කොහෙන්ද මැනෙන්නේ. අපි මනින්නේ නැතිවුණ ජීවිත. අපි මනින්නේ තුවාල වුන ජීවිත. හැබැයි සමාජය දෙපළු කිරීම, ජන කණ්ඩායමක් බියෙන් ජීවත් කිරීම? සාධාරණ නැහැ. ඒ නිසා ඒකට අනිවාර්ය ලෙස සාධාරණ යුක්තිය ඉටු කරනවා හරි පැහැදිලිව. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. අපි ඒක කරනවා.”