මෙරට ඇති පාසැල් 10,096ට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙරට සහ විදේශයන්හි සිටින දානපතියන් 10,096කට මෙරට පාසල් පද්ධතිය බද්ධ කිරීම හරහා එම කටයුත්ත සිදු කරන බවයි ඔහු කියන්නේ.
රජයෙන් සිදු කරන මුල්‍ය ප්රතිපාදනයට අමතරව මෙම දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන එම පාසල් පද්ධතිය දියුණු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.