තමන් සමගි ජන බලවේගය සමග එළඹි ගිවිසුමේ කොන්දේසි සජිත් ප්‍රේමදාස විසින් කඩ කළ බවත් ඒ හේතුවෙන් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව යන බවත් මැතිවරණ සමයේ කටයුතු කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවත් හිටපු ඇමති පාටලී චම්පික සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

එහිදී ඔහු සඳහන් කරන්නේ, “මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.” යනුවෙනි.