විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීම් පවත්වමින් ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් ප්‍රංශයෙන් ආරම්භ කර තිබේ.

ප්‍රංශයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් පසුගිය 30 වෙනි දින පැරිස් නුවරට එකතු වී මාලිමාවට සහයෝගය ලබා දිය යුතු බව ප්‍රකාශ කරමින් අදාළ වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදා හැරීම ආරම්භ කර තිබේ. ඉදිරි ජාතික මැතිවරණයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හැටියට තමන්ගේ ස්ථාවරය මෙරට සිටින තම ඥාතීන් සහ ලෝකයේ අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ද මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම ආරම්භ කරනු ලැබීය.

මේ ආකාරයට තවත් රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකිකයින් ද ඉදිරිපත් වී කරුනු දක්වන බව හෙළි වේ.