පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්රමුඛයෙකි. ඊට අමතරව මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රවී කරුණානායක ද කාටත් හොර රහසේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගැසට් කර ගනු ලැබී ය. මෙම දෙදෙනා ම රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි අය වෙති.
ඊට අමතරව රෝහිත අබේගුණවර්ධන, චාමර සම්පත් දසනායක සහ අනුරාධ ජයරත්න දැඩි රාජපක්ෂවාදීන් ලෙස ක්‍රියා කරමින්, මූල්‍ය අවභාවිතයන් සහ මූල්‍ය අපරාධ සිදු කළ අය ලෙස චෝදනා එල්ල වී සිටින්නෝ ය. රෝහිත අබේගුණවර්ධන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයකට පෙනී සිටීමේ අවස්ථාව සර්පයකු දෂ්ට කිරීම නිසා මගහැර ගිය අයෙකි. චාමර සම්පත් දසනායක පළාත් සභා මහ ඇමැති ලෙස මෙන් ම රාජ්‍ය ඇමැතිවරයකු ලෙස ද මූල්‍ය අවභාවිත කිරීමේ චෝදනා ලැබූවකු වන අතර, ඒ සියල්ලටම වඩා ප්‍රසිද්ධියේ පාසලක් තුළදී ගුරුවරියක දණ ගැස්වූ පුද්ගලයෙකි. අනුරාධ ජයරත්න අම්බුළුවාව රජයේ ඉඩම් අවභාවිතය ඇතුළු චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකි.