නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි.
සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය.
එවැනි නීති විරෝධී මූල්‍ය යෝජනාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මහ බැංකුව ආරම්භ කර තිබේ.