තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්‍රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ මුහුණට මුහුණ විවාදයට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ.
මේ අතර ජන මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කළ එම සංවාදය නැරඹීම සඳහා ආරම්භයේදී අවම වශයෙන් මිලියන 4ක් එකතු වි සිටි බව ය. එහි අවසානය දක්වා මිලියන 2.7ක් පමණ නරඹා ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
සැලසුම් කළ පරිදි එම විවාදය පැවතියේ නම් එය නැරඹීම සඳහා එකතු වන පිරිස තවත් ඉහළ යා හැකිව තිබුණු බවට ද මත පළ කරති. රූපවාහිනී යන්ත්‍ර මගින් එය අවසානය දක්වා නරඹන ලද මිලියන 2.7ක් පමණ වූ දළ ප්‍රේක්ෂකයන්ට අමතරව විශේෂයෙන් ම විදේශගත ශ්‍රී ලාංකිකයන් අද උදෑසන 10 වනවිට යූටියුබ් මාධ්‍ය ඔස්සේ 236,000ක් අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වූ එම වැඩ සටහන නරඹා තිබිණි.
මෙරට දේශපාලන සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබාදීමට තිබූ වැදගත් අවස්ථාවක් ඔහුගේ අනුගාමිකයින් යොදවා අවර ගනයේ ප්‍රකාශ සිදු කරමින් මගහැර ගිය බව ද, එම හැසිරීම තුළින් ඇත්ත සජිත් ප්‍රේමදාස හෙළිවන බව ද, නිරීක්ෂකයන් පැය කිහිපයක් ඉක්මවා යාමට පෙර පෙන්වා දී තිබේ.