නායකත්වයේ පමණක් නොව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව සහ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවත් එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක,
“නායකත්වයේ පමණක් නෙවෙයි අපේ වැඩපිළිවෙල පිළිබඳවත් ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. සමහර අය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. විවිධ විවේචන දෝෂාරෝපණ ඒත් එක්කම නොයෙක් අදහස් උදහස් ඉදිරිපත්වෙලා තිබෙනවා. ඒ නිසා පූර්ණ ප්රතිසංවිධානයක් කියන එකින් අදහස් කරන්නේ මේ සියල්ල පිළිබඳ සලකා බැලිය යුතුයි කියන කාරණාව.
අපි ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ කීපයක් පරාජයට පත්වුණා. ඒත් එක්කම මෑත කාලයේ සමඟි ජන බලවේගය හැටියට අපි පාර්ලිමේන්තු මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. එතකොට ඒ මැතිවරණ දෙකක් පරාජයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේම සලකා බැලිය යුතු කාරණා ගොඩක් තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.