හිටපු ඇමතිවරුන් භාවිතා කළ නිල නිවාස ආපසු බාර දීම සඳහා ලබා දී තිබූ අවසන් කාල සීමාව අදින් අවසන් වන අතර එසේ බාර නොදෙන අයට අධිකරණමය ක්‍රියා මාර්ග සූදානම් කර තිබේ.

පසුගිය ආණ්ඩුව අමාත්‍යංශ 28ක් පවත්වාගෙන ගියේය. එම ඇමතිවරුන්ට ලබා දී තිබූ නිල නිවාස 28කින් 12ක් මේ වනවිටත් ආපසු බාර දී නොමැති බව හෙළි වී තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය එම නිවාස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබේ.

මේ අතර බාර දෙන ලද නිවාස සම්බන්ධයෙන් ද වෙනම ම ස්ථානීය පරීක්ෂාවන් සිදු කරමින් පවතින බව අනාවරණය වී තිබේ.