දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ.
නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින් කිහිපයක් උපුටා ගෙන පහත දැක්වේ.
“ඒ වෙලාවට අපි උණුවතුර සූදානම් කරලා තියන්න ඕනෑ. හැමදාම එතුමා පත්තර බලනවා. කොළඹින් රාත්‍රියට පත්තර සහ ලියුම් අරන් වෙනම වාහනයක් එනවා“
“අපට අමතරව එතුමාට කෑම බීම සපයන්න ජෝන් කීල්ස් ආයතනයේ හබරන විලේජ් හෝටලයේ සූපවේදීන් කට්ටියකුත් එනවා“
“ප්‍රේමදාස මහත්තයා අගමැති මාස්ටර් බෙඩ් රූම් එකේ බුදියනවා. මේ ගෝලයෝ දෙන්නා ඊට අල්ලපු කාමරේ. ඒකට කිව්වේ ලිනන් රූම් කියලා. ඒකේ බිම තමයි බුදියන්නේ. ප්‍රේමදාස මහත්තයා එක්ක එතුමාගේ නෝනා, දුලංජලී නෝනා (දුව) එහෙම මන්දිරයට ආවා.“