රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වී සිටින ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා ඇතුළු කල්ලිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණයෙන් ම රාජපක්ෂලාගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව සනාථ වී තිබේ.
එහි පළමු පියවර මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය යැයි නම් කළ රැස්වීමක දී එම පක්ෂයේ මහ ලේකම් තනතුරට රමේෂ් පතිරණ යොදා ගත යුතු බවට යෝජනා සම්මත කර ගැනීමයි. එයට අමතරව, තවත් තොරතුරකින් හෙළි වන්නේ පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසට එම පාක්ෂිකයන් යැයි කියන පිරිසක් යොදවා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන ලෙස බලපෑම් කර ඇත්තේ ද ප්‍රසන්න රණතුංගලාගේ සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් බවත් ය.
තොරතුරු වාර්තා වන ආකාරයට මීළඟට කුරුණෑගල, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් වශයෙන් පවත්වන හමුවල දී ද රමේෂ් පතිරණගේ නාම යෝජනාව සම්මත කර ගැනීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ