නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටි දමිතා අබේරත්නගේ නාම යෝජනා අවසන් මොහොතේ කපා හැරීම පිළිබඳව ගැටළුව සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර කරුණු රැසක් හෙළි කිරීමට ඉවහල් වී තිබේ.
නාම යෝජනා සකස් කිරීමේ දී අතපසු වීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගෙන ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයට තමා නම් කරන ලෙස දමිතා අබේරත්න ඍජුව ම අභියෝග කර තිබිණි. එම අවස්ථාව සලසා දීමට රංජිත් මද්දුමබණ්ඩාර එම අපේක්ෂකත්වයෙන් ඉවත් කළ යුතු බව ද එහි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
එම ප්‍රකාශයත් සමඟ සමගි ජන බලවේගයේ සියල්ල මෙහෙයවන ප්‍රබල අදිසි හස්තය ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනි ප්‍රේමදාස බව වැඩි දුරටත් තහවුරු වී තිබේ. එය මහ මැතිවරණයට පෙර එම පක්ෂය තුළ තවත් බෙදීම්වලට හේතු වී ඇති බව මේ වනවිට හෙළිවෙමින් පවතී.