මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ශාන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි විය.
සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ 2015 – 2019 කාලයේ දී සංස්කෘතික අරමුදලේ මුදල් රුපියල් කෝටි 1,100ක් විනාශ කර තිබිණි. එහෙත්, තිලකරත්න දිල්ශාන් ප්‍රකාශ කළේ “එතුමා හොරකමක් කරලා තියෙනවා කියලා කිසිම තැනක නෑ“ යනුවෙනි.
එම මූල්‍ය අපරාධයට අමතරව ජලනි ප්‍රේමදාසගේ රූපලාවන්‍යාගාරයේ කටයුතු කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් 19 දෙනෙකු යොදවා මහජන ධනය අවභාවිතාවක් සිදු කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි කර තිබේ.