පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.

එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය. 2022 ජූලි මස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගත් අවස්ථාවේ සමඟි ජන බලවේගයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ඩලස් අලහප්පෙරුම ය.

එසේ තිබිය දී, මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පවා ඔහුට ලබා නොදීමෙන් තහවුරු වී තිබෙන්නේ සමඟි ජන බලවේගයෙන් ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කරන ලද්දේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හෝ නුසුදුසු පුද්ගලයකු බව ය. සජිත් ප්‍රේමදාස මේ වන විට එවැනි උගුල් ගණනාවක හිර වී සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.