රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.


සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

මෙම තීන්දුව අනුව පුරප්පාඩු වන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

මුජිබර් රහුමාන් මහතා පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධුරය ඉල්ලා අස්විය.