මෙරට තුළ යළිත් වරක් ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ඇතැම් පිරිස් ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් සමාජය තුළ පොදු විරෝධයක් විශාල පරිමාණයෙන් ඇති වී තිබේ.
විශේෂයෙන්ම පසුගිය 26 වැනි දින මිය ගිය ඥාතීන් සැමරීම සඳහා උතුරේ සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් අළලා සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම පොදු විරෝධය එල්ල වී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන විචාරාත්මක මත පළ කරන්නන් සහ පොදු ජනතාව විවිධ ආකාරයට එම ජාතිවාදී ප්රවණතාවලට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත.
දුෂ්තොරතුරු ප්‍රචාරය කරමින්, සැලැසුම්සහගතව ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කරන්නන් හට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට බොහෝ පිරිස් ආණ්ඩුවට බල කරමින් සිටිති. එමෙන්ම රජය පාර්ශ්වයෙන් තව දුරටත් එම ප්‍රචාරකයන් හට සහනශීලී පරිසරයක් ලබා නොදිය යුතු බවට ද මත කරමින් සිටිති.