සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඊයේ (10) දින පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරීස් සමඟයි. එහිදී ඇය වෙත ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබුණා.
විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පවා හමුදා කඳවුරු වෙත පිවිසීම තහනම් කර තිබූ මොහොතක විපක්ෂ නායකවරයාගේ බිරිඳට මෙලෙස ගුවන් හමුදා උත්තමාචාර දක්වා තිබීම විමතියට කරුණක් බවයි ඇතැම් දෙනා පවසන්නේ.