ලබන සැප්තැම්බර් 21 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
එක් අයෙක් වන්නේ මෙයට පෙර අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ප්රකට නීතිඥ නාමල් රාජපක්ෂ ය. ඔහු රාජපක්ෂ පාලන සමයේ රාජ්ය මර්දනය සහ එම වකවානුවේ ප්රබලව ක්රියාත්මක වූ සුදු වෑන්වලින් පැමිණ පැහැර ගෙන යාම්වලට එරෙහිව නීතිඥවරයෙකු ලෙස නිර්භීතව මැදිහත් විය.
නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.
අනෙක් නාමල් රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින, මහින්ද රාජපක්ෂගේ පුත්රයා ය.