ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්‍යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී ලෙසින් සිදු කරන බවත් හෙළිකරනු ලැබීය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් අද (13) පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කළේය. ජනාධිපති ලේකම් විසින් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හට වාහන නිදහස් කරන ලෙස ලිඛිතව දැනුම්දීමෙන් පසුව පැමිණෙන ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා අය අදාළ අමාත්‍යංශය සතුව තිබෙන හොඳම වාහන බලහත්කාරයෙන් රැගෙන යන්නේ යැයි වැඩි දුරටත් හෙළි කළේය.
විජිත හේරත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ මෙම වාහන බලෙන් ලබා ගැනීමට එරෙහි වන අතිරේක ලේකම්වරුන්ට පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් ද පවතින බව ය. මෙම සමස්ත ක්‍රියාවලිය ම වහාම නතර කළ යුතු බව ඔහු අවධාරණය කරනු ලැබීය.