ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් වෙත ලබා දී ඇති ආකාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස කටයතු කළ බව කියන ජයන්ත වීරසිංහ වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 90ක් ගෙවා ඇති අතර, ලක්ෂ 300ක වැඩිම මුදලක් හිටපු අගමැතිවරයෙකු වන දි. මු ජයරත්නට ලබා දී තිබේ.
ජනාධිපති අරමුදල යොදවන ආකාරය එම පනතින් ආවරණය කර ඇත්තේ “ආගම පෝෂණය කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය කිරීමටත්, ජාතිය හා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවන් කරන ලද තැනැත්තන් ඇගැයීම සඳහාත්
මූල්‍යාධාර සැපයීම” යන සීමාව තුළ ය. එහෙත්, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අරමුදලින් මුදල් ලබා දීමේ හැකියාව අවභාවිතා කරමින් හිටපු මැති ඇමතිවරුන් සැනසීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් විසින් අරමුදලෙන් නිර්දේශිත සීමාවන් ඉක්මවා මුදල් ලබා දී තිබේ.
ජනාධිපති අරමුදලින් අනිසි වාසි ලැබූ දේශපාලඥයින්
1 දි. මු. ජයරත්න – ලක්ෂ 300
2 රංජිත් සොයිසා – ලක්ෂ 188
3 M. K. A. D. S. ගුණවර්ධන – ලක්ෂ 112
4 කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110
5 රාජිත සේනාරත්න – ලක්ෂ 100
6 ජයන්ත වීරසිංහ – ලක්ෂ 90
7 W. M. S. ෆොන්සේකා – ලක්ෂ 55
8 ටී.බී. ඒකනායක – ලක්ෂ 47
9 ජෝන් අමරතුංග – ලක්ෂ 40
10 විමලවීර දිසානායක – ලක්ෂ 30
11 ජෝසප් මයිකල් පෙරේරා – ලක්ෂ 27
12 ඇලික් අලුවිහාරේ – ලක්ෂ 22
13 ලකී ජයවර්ධන – ලක්ෂ 16.2
14 විදුර වික්‍රමනායක – ලක්ෂ 15
15 පී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14
16 එස්. ඒ. ජගත් කුමාර – ලක්ෂ 10
17 ජයලත් ජයවර්ධන – ලක්ෂ 10
18 නාමල් ගුණවර්ධන – ලක්ෂ 10
19 ධර්මදාස බණ්ඩා – ලක්ෂ 10
20 කේ. පී. එස්. කුමාරසිරි – ලක්ෂ 9.5
21 රංජිත් අලුවිහාරේ – ලක්ෂ 8.6
ඊට අමතරව, ලබා ගත් මුදල සඳහන් නොවන, සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසගේ නාම ලේඛනය ද ඉදිරිපත් කර ඇත.
සුසිල් ප්‍රේමජයන්ත, පී හැරිසන්, වාසුදේව නානයක්කාර, පී. දයාරත්න, එස්. බී. නාවින්න, සරත් අමුණුගම, පියල් නිශාන්ත ද සිල්වා, ඉසුර දේවප්‍රිය, එස්. ඊ. මුතුකුමාරණ, සුමේදා ජයසේන, මනෝජ් සිරිසේන, පියසේන ගමගේ යන දේශපාලකයන්ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් බව හෙළිකර තිබේ.