රාජපක්ෂ රෙජිමයේ සිටි, රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ කුප්‍රකට පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර සජිත් ප්‍රේමදාසගේ සුරතින් ලැබූ පත්වීම් ලිපියක් සමඟ යළි දේශපාලනයට පිවිස තිබේ.
මහින්ද රාජපක්ෂගේ දේශපාලනයෙන් පවා ඔහු නෙරපා හැර සිටියේ ය. ඒ අතර, ඔහු ඊයේ (08) සමගි ජන බලවේගයේ ආනමඩුව ආසනයේ සංවිධායක ලෙස පත් කරනු ලැබීය.
එම පත් කිරීම සම්බන්ධයෙන් ආනන්ද සරත් කුමාරගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන්නේ “සජිත් මැතිඳුන් ජනපති කරන සටනට ඩලස් මැතිතුමා සමඟින් අද දිනයේ එක් වෙමින් ඒ සටනේ වගකීම් ගරු විපක්ෂ නායකතුමා අතින් ලබා ගත් මොහොත“ යනුවෙනි.
ආනමඩුව නවගත්තේගම පාසල විනය බාර සුසිලා හේරත් ගුරුතුමියව එම විදුහල් ක්‍රීඩා පිටියේ දණ ගස්වා කොන්ඩයෙන් ඇද පහරදීම සම්බන්ධයෙන් වැරදිකරු වූ මොහුට වසර 07ක අත්හිටවූ සිර දඬුවමක් අධිකරණය විසින් පනවා තිබේ.