ජනාධිපතිවරණයේදී දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරන ලෙස ප්‍රබල ප්‍රචාරයක් ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළින් ගෙන යාමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මේ සඳහා දැනටමත් වට්ස්ඇප් සමූහ ජාලයක් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහට සහ නාමල් රාජපක්ෂට ලබා දෙන ඡන්දවල දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ලබා දෙන බව එමගින් ඉල්ලිමට සැලසුම් කර තිබේ.

මේ අතර ප්‍රචාරක කටයුතු නිල වශයෙන් අවසන් වූ පසු නිහඬ කාලය තුළ රනිල් පිලේ සහ සජිත් පිලේ ඇතැම් පුද්ගලයන් මූලික වී කඩාකප්පල්කාරී ක්‍රියා ඇති කිරීමට උත්සාහ කළ හැකි බවට ද ඔවුන්ගේ මේ දක්වා කර තිබෙන ප්‍රකාශ අනුව පුරෝකතනය කර ඇත.