පසුගිය කාලයේ සමගි ජන බලවේගය තුළ ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා එක් වරම නිහඬතාවයකට පත්වී සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි මාධ්‍ය ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මත දක්වන්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා මත දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිහඬවීමට සිදු වී ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් (Blue Print) නැමැති ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් ප්‍රේමදාස අනුමත කළ ප්‍රතිපත්තිය නොවන බව විවෘත දේශපාලනයේදී තහවුරු වී ඇති බවත් එවැනි තත්වයක් තුළ දිගින් දිගටම සංවාද ගැන කතා කිරීම නිසා ඔහු නිහඬ කරවා ඇති බවත් ය.
තවත් මාධ්‍යවේදීන් කරුණු දක්වන්නේ නලීන් බණ්ඩාර මේ වනවිට සජිත් ප්‍රේමදාස සමඟ ඍජුව කතා කිරීමට පවා නොහැකි තත්වයට ව්‍යාකූල වී සිටින බව ය. අතරමැදි පාර්ශව යොදා ගනිමින් ඔහු සජිත් ප්‍රේමදාස වෙත යම් යම් පණිවිඩ ලබා දෙමින් සිටින බව ද හෙළි වී තිබේ.