සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.
ප්‍රතිපත්තිමය වශයෙන් දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සමීපව සිටි මන්ත්‍රීවරයෙකු ලෙස ඉම්තියාස් බාකීර් මාකර් මහතා ප්රකටය.
එහෙත් සජිත් ප්‍රේමදාසට සුපුරුදු කැපිල්ල ඔහු වෙතටද යොමුවී ඇති අතර ඔහු වෙනුවට ඒ.ජේ.එම්. මුසම්මිල්ව ඉදිරියට ගැනීමට සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයින් කටයුතු කරමින් සිටි.
මුසම්මිල් යනු රණසිංහ ප්‍රේමදාස යුගයේ ඔහුට සමීපතව සිටි දේශපාලඥයෙක් වන අතර ඉම්තියාස් බාකීර් මාකාර් යනු මෙරට සිටින කෘතහස්තම දේශපාලඥයෙකි.
මේ දෙදෙනාගෙන් සජිත් ප්‍රේමදාස මුසම්මිල් වෙත වැඩි නැඹුරුවක් දක්වා ඇති අතර සජිත් ප්‍රේමදාස ගේ සමීපතයින් පවසා ඇත්තේ ඉම්තියාස් “ඕනම වෙලාවක ෂේප් කරගන්න පුලුවන්”අයෙක් කියාය.
සමගි ජන බලවේගයේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වුවද ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකි.
හිටපු සභාපති සරත් ෆොන්සේකා ඉවත්ව යාමෙන් පසුව ලක්ෂ්මන් ෆොන්සේකා සහ රංජිත් මද්දුමබණ්ඩාර ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නිවසටම ගොස් පවසා ඇත්තේ පක්ෂයේ සභාපති ධුරය ඔහුට ලබා දෙන බවය. එහෙත් එය මේ දක්වා ඉටුවී නැත.
රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා සමග එක්වන බවට කටකතා ආරම්භ වූ මොහොතේ සිටම සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ඉම්තියාස් ට පොරොන්දු වී ඇත්තේ බේරුවල සංවිධායක ධුරය ලබා දෙන බවය.
එහෙත් ඒ තනතුරද ඔහුට මේ දක්වා ලබා දී නැති අතර රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු එහි සම සංවිධාන ලෙස පත්කොට ඇත.
පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දෙන අවස්ථාවේ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා බේරුවල නගර සභාවට යෝජනා කළ කිසිදු අයෙකුට නාමයෝජනා ලැබුනේද නැත.
මේ අතර සජිත් – ලක්ෂ්මන් දෙදෙනා විසින් උපදෙස් දී ඇත්තේ ” මුසම්මිල්” ඉදිරියට ගන්නා ලෙසට ය.විවිධ චෝදනා පිළිබඳව කුප්පකට නමක් ඇති මුසම්මිල්, ගෝඨාභය ගේද හිතවතෙකි.