ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සජිත් ප්‍රෙමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත්ව තිබේ.

මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය.

ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි.

ලබන 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් කිහිමදෙනෙකුම මේ වනවිට සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී ඇති අතර එම පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායකයින් රැසක්ද පක්ෂය හැරයමින් තිබේ.