සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරකයෙකු වන හිරාන් කෝසල නැමැත්තා පතරොම් තොගයක් සමඟ අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අම්බලංගොඩ පොලිසිය විසින් පෙරේදා (09) ඔහු අත්තඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලටද මේ වනවිට ලක්ව ඇතැයි හෙළි වේ.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙයට පෙර අවස්ථාවකදී ද ඔහු අත්තඩංගුවේ පසු වූ බව පොලිස් වාර්තාවලින් අනාවරණය වේ.

(LankaTruth)