අරගලයේ අරමුණු ඉටු කරවා ගැනීමට ලැබෙන පළමු අවස්ථාව ජනාධිපතිවරණය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
දුෂ්ඨ පාලකයන් පලවා හැර තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවත් අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්නට උවමනාවක් ඇති බවත් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ.
“අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වුණේ රාජපක්ෂ පාලනය අහෝසි කරලා අලුත් වෙනසක්. අරගලයේ සිටි ජනතාවගේ අරමුණු ඉටු වුණේ නැහැ. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ලැබෙන පළමුවැනි අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්න වුවමනාව තිබෙනවා. මේ ඉන්න දුෂ්ට, පාලකයන් වෙනස් කරලා, තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීමේ ඕනෑකම තිබෙනවා.”
මෙවර ජනාධිපතිවරණය විශේෂවන්නේ තනතුර දමා ගිය ජනාධිපතිවරයාගෙන් පසුව පත්වනු ලබන පළමු ජනාධිපතිවරණය නිසාවෙන් බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
ජවිපෙ ලේකම්වරයා ඊයේ (17) මේබව කියා සිටියේ, ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.