මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ උනන්දුවක් දක්වනු දැකිය හැක.
අනුර දිසානායක සිරස ටීවී නාලිකාවේ සජීවි සංවාදයකට එක්වූ අතර එය සමාජ මාධ්‍ය තුළ සහ සමාජය තුළ විශාල කතා බැහැමකට ලක් විය.
මේ හේතුකොටගෙන විපක්ෂ නායක සජිත්ට ද ඔහුගේ සමීපතයින් බලපෑම් කළේ මෙවැනිම සංවාදයකට සහභාගී වන ලෙසය.
කිසිවිතත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් ඉල්ලා සිටියේ දිගින් දිගටම තම පක්ෂයට සහාය ලබාදුන් සිරසට සජිත් යායුතු බවය.
එහෙත්,ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනී ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් සජිත්ට සිදුවුණේ හිරුනාලිකාවට යන්නට ය.
“අපි කියන්නේ හිරු එකට යන්න කියලා හේතුවක් ඇතිව.ගෝඨාභය දිනෙවුවෙත් හිරු එක.අනික අපිට එයාලා දිගටම උදව් කරනවා”
යැයි ලකීලා පවසා තිබේ.
ගෝඨාභය දින වූයේ හිරු සහ දෙරණ යැයි ලකීලා කීම හේතුකොට ගෙන සිය සංවාදයට හිරු නාලිකාව තෝරා ගැනීම පිළිබඳව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුනම් සිටියේ කලකිරීමෙන් ය.
“එතකොට මෛත්‍රී දිනෙවුවේත් හිරුද?.ඒ මැතිවරණයේදී හිරුයි දෙරණයි දෙකම හිටියේ මහින්ද එක්ක.සිරස විතරයි මෛත්‍රිට තිබුණේ.අනික අපිට වැඩියෙන්ම උදව් කළේ සිරස” සජබ මන්ත්‍රීවරු කීය.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට වඩා ඉල්ලීමට වැඩි බරක් තබමින් සජිත් හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට සහභාගි විය.
ඒද කලින් පටිගත කළ වැඩසටහනකටය.
වාර්තාවන පරිදි සංස්කරණයේදී ලක්ෂ්මන් ෆොන්සේකාද අධීක්ෂණ කටයුතු සඳහා එක්ව සිට ඇත.
“අපේ ලොක්කට හිරු ළංකරේ නාමල්.අර තලතලා කියන කතාව හරි.”
කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු පවසා තිබේ.
“අනිත්තෙක සලකුණේදී මොනවද දුන්න උත්තර.කොහොමද රටේ ආර්ථිකය නංවන්නේ කියලා අහනකොට, ඛෙත්තාරාමය හැදුවේ තාත්තා ලු.මොන විහිලුවක් ද?”
සජිත් දිනපතා විහිළුවකට ලක් වීම හේතු කොටගෙන වඩාත් අපහසුතාවයට පත්ව සිටින්නේ මහ ලේකම් රන්ජිත්ය.
“සජිත් හිතන් හිටිය ජනාධිපති කියලා..ඒත් දැනටත් රනිල් දෙකට ඇවිත් ඉවරයි.අබමල් රේණුවක ඔළුවක් තියෙන මනුස්සයෙක් සජිත්ට දෙන්නේ නෑ”
“ඒක ඇත්ත.මුජී කීවනේ 21 ආණ්ඩුවේ ඇමතිවරු අසූවක් රට පනින්න ලෑස්ති කියලා.හැබැයි ඇත්තටම රට පනින්න වෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් වඩා සජිත් ගාව ඉන්න කීපදෙනාට.”
කොහොම වෙතත් හිරු සලකුණ සංවාදයෙන් පසුව සජිත්ට දිගින් දිගටම චෝදනා එල්ල විය.