පසුගිය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයට පත්වී සිටින නාමල් රාජපක්ෂ X ගිණුමේ සටහනක් තබමින් උගන්ඩාව ඇතුළු රටවල්වල සඟවා ඇති තමන්ගේ මුදල් ආපසු ලබා ගන්නා ලෙසට නව රජයට දන්වා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය මේ වනවිට අදාළ පරිපාලන වෙනස්කම් පියවරෙන් පියවර සිදු කරන අතර ජනතාවට සහන ලබාදීම කෙරෙහි ද ප්‍රමුඛතම අවධානය ලබා දෙමින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

පසුගිය කාලයේ මහජන ධනය කොල්ල කෑ පිරිස සම්බන්ධයෙන් පවරන නඩු ගණනාවක් තාක්ෂණික ගැටළු නිසා නිෂ්ප්‍රභා කර තිබිණි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක වාසි ලබා ගැනීම සඳහා මේ ආකාරයට මහා කඩිකුලප්පුවක් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ.