ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට තමන් යලි සුදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යලි දිනයක් දී තිබෙනවා. ඒ පහුගිය 17 දිනැතිව 19 වෙනිදා සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත ඒවා තිබූ යෝජිත දින අතරින් දිනයක් වන ජුනි 6 වෙනිදා යි.

මීට පෙර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම විවාදය සඳහා අවසන් දිනය ලෙස යෝජනා කළේ මැයි 20 වෙනිදා යි. එදිනට පෙර දිනයක් ලබා දීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වුණා.

දැන් යලිත් සජබ පාර්ශවයෙන් යෝජනා කළ දින අතරින් එකකට යි අනුර කුමාර දිසානායක මහතා එකඟව ඇත්තේ.