එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු නව නායකයා ලෙස තෝරා ගැනීමටත් කිසියම් පිරිසක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මුහුණ දීම සඳහා මෙලෙස නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳව සාකච්ඡාව ආරම්භ වී ඇත.
එම සන්ධානයේ නායකත්වයට විදේශ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත පුද්ගලයෙකු පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි මේ වනවිට හෙළිවි ඇත.