ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බැවින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
කිසිවෙකු ජනතා ජාතික ජන බලවේගයට හෝ අනුර කුමාර දිසානායක මහතාට කතිරය ගහනවා නම් එය හොරුන් ආරක්ෂා කරන කණ්ඩායමට ගහන කතිරයක් බවයි ඔහු කියන්නේ. රනිල්ටවත් අනුරටත් හීනෙකින්වත් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් රටට ගෙන ඒමට තමා කටයුතු කරන බවත් ඒවා ණය නොව ආධාර බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
නිවාස ව්‍යාපෘති සඳහා ආධාර දෙන්න දානපතියන් ඇති බැවින් සමගි ජන බලවේගයට ගෙවල් හදන වැඩපිළිවෙළ ආරම්භ කරන්න රජයේ මුදල් අවශ්‍ය නැති බව විපක්ෂ නායකවරයා කියනවා. නැහැ බැහැ බලමු කියන වචන තමා ළඟ නොමැති නිසා ශක්තිමත් රටක් බිහිකිරීම වෙනුවෙන් ඕනෑ තරම් සම්පත් තමාට ලබා ගත හැකි බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියන්නේ.