සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ.
එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම බෙදී ඇති බව වාර්තා වේ.
දැනට වාර්තා වන්නේ කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා එක් පිලක සිටින බව ය. එයට ප්රතිවිරෝධී පිලේ සුජීව සේනසිංහ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන දෙදෙනා සිටිති. මෙම දෙපිරිසටම පහර එල්ල කරමින් මන්ත්‍රි මරික්කාර් කටයුතු කරමින් සිටී. මේ අතර මරික්කාර් මන්ත්‍රීවරයා එම පක්ෂය අභ්‍යන්තරයේ සිට රන්ල්ර වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ දැයි එම පක්ෂය අභ්‍යන්තරයේ විශාල සැකයක් මතු වී ඇතැයි වාර්තා වේ.
මේ අතර, සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මතය වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වීමට වුවමනාවෙන් ප්‍රමාද කළ බව ය.