ජාතික ජන බලවේග ආණ්ඩුවේ නව අය වැය ඉදිරිපත් කරන තුරු ඉදිරිපත් කළ අතුරු සම්සත ගිණුම අද (06) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ලබන වසරේ පළමු මාස හතර සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 03 වැනිදාය.
මේ පිළිබඳ විවාදය ඊයේ (05) සහ අද දවස පුරා පැවති අතර යෝජනාව ඡන්ද විමසීමකින් තොරව මෙසේ සම්මත විය.
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා ඇමති බිමල් රත්නායක මහතා විසිනි.