සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්රචාරක අත්පත්‍රිකාවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළැයි නාවලපිටිය ආසන සංවිධායකයෙකු විසින් ඊයේ (15) උදැසන 11ට පමණ වෙළඳසැළකදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා වේ.
මෙම පහරදීම එම වෙළඳසැළේ ආරක්ෂිත කැමරා පද්ධතියේද සටහන් වී ඇති අතර එම තරුණයා වෙළඳසැළේ හිමිකරුවා බවද පැවසේ.
ආසන සංවිධායකයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමඟ එම වෙලදසැල තුළට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී තිබේ. එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර ඇත. එයට උරණ වූ සංවිධායක තරුණයාට පහරදී පසුව ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබේ.
තරුණයාට පහරදීමෙන් පසු සංවිධායකවරයා සමඟ පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් “අපි උඹ ගැන බලා ගන්නම්” යැයි කියමින් එම තරුණයාට තර්ජනය කර ඇත.
පහරකෑමෙන් පසු එම තරුණයා, ඔහුගේ මිතුරන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම පහරදීම සම්බන්ධයෙන් රෝහල් පොලිසිය විසින් පැමිණිල්ලක්ද සටහන්කරගෙන තිබේ. එම තරුණයා අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහුගේ වෙළඳසැළද මෙතෙක් විවෘත කර නැති බවද පැවසේ.