පොළොන්නරුව දිස්ත්‍රික් සජබ සංවිධායක සුධීර බණ්ඩාර ගන්කේවල රොටවැව විද්‍යාලයේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබුණා. ඔහු විපක්ෂ නායකවරයා සමඟ සම අසුන් ගෙන උත්සවයේ හිඳින ඡායාරුප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එනම් ජුනි 11 වෙනිදා ඔහු විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති, වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමි වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ පසුගිය දා අවසන් වූ පොළොන්නරුව මහ පෙරහැරේ නිලමේවරුන් ලෙස ගමන් කළ ග්‍රාමනිලධාරීන් ‘අඩු කුලයේ’ අය බව අපහාසත්මකව සඳහන් කරමින්.
මේ පොලොන්නරුව දිස්ත්‍රික් සජබ සංවිධායක සුධීර බණ්ඩාර ගන්කේවල විසින් යවන ලැබූ එම ලිපිය යි;
“සුධීර බණ්ඩාර ගන්කේවල,
අංක 1028,
මධ්‍යම පන්තික නිවාස,
නවනගරය.
2024/06/11
පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විභාරාධිපති
මහා විහාර වංශික ශ්යාශමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක,
ශාස්ත්‍රපති වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්ථවිරයාණෝ,
ගෙඩිගේ රජමහා විහාරය,
අස්ගිරි මහා විහාරය
මහනුවර
ගරුතර ස්වාමීන් වහන්ස,
2024 පොසොන් මහා පෙරහැර මංගල්‍ය සම්බන්ධවයි
සෑම වර්ෂයක් පාසාම පොලොන්නරුවෙහි පවත්වනු ලබන පොසොන් මහා පෙරහැර මංගල්‍ය ගැන පළමුවෙන්ම ප්‍රශංසා කළ යුතුව ඇත. මෙවර පෙරහැර මංගල්‍යද ඉතාමත්ම සාර්ථක වේවා යැයි අපි සියල්ලෝම ප්‍රාර්ථනා කරමු. පසුගිය වසර වලදී නොදැනුවත්ව හෝ සංවිධානාත්මකව සිදුකරන ලද වරදක් මෙවරවත් සිදුනොවන්නට ඔබ වන්සේගේ/ ඔබතුමාගේ අවධානයට මෙම කරුණු යොමුකිරීමට කැමැත්තෙමි.
පෙරහැර මංගල්‍යයේ වැදගත් අංගයක් චන නිලමේ ඇඳුම ඇද හස්තිරාජයා පිට හෝ පා ගමනින් ගමන් ගන්නා නිලමේවරුන්ගේ සුදුසුකම් බලා එයට අවස්ථාව ලබාදිය යුතුය. නිලමේවරුන් සඳහා ඉදිරිපත්වීමේ දී ඔවුන්ගේ පළවෙනි සුදුසුකම විය යුත්තේ එම් ඇදුම් ඇදීමට සුදුසු වීමයි. ඒ සදහා සුදුස්සෙකු ද යන්න තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ කුලය පදනම් කරගෙන බව හොදින් දන්නා කරුණකි. අනාදිමත් කාලයක සිට පැවැත් එන කුල සිරිත් අනුගමනය කරමින් මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස පෙරහැර උත්සව පවන්වනු ලබන්නේ දේවාශිර්වාද ලඛාගෙනය. කුලෙන් අඩු පුද්ගලයින් නිලමේ තනතුරු වලට සුදුස්සෝ නොවෙති.
පසුගිය පෙරහැර වලදී නිලමේවරුන් වශයෙන් අඩු ජාතියේ ග්‍රාම නිලධාරීන් හස්තිරාජයා පිටෙහි සහ පාගමනින් ගමන් ගත් අයුරු අපට හොදින් නිරීක්ෂණය විය. යලින් එවැන්නක් සිදුනොවන්නට ඔබ වහන්සේ/ ඔබතුමා විසින් කටයුතු කරාවී යැයි මා විශ්වාස කරමි. ඒ අනුව නිල ඇදුම් පැලදීමට සුදුසුකම් සොයා බලා සුදුස්සන්ට අවස්ථාව ලබාදී පෙරහැර මංගල්‍ය සාර්ථක කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිමි”
ගතානුගතික දේශපාලනයේ නියැලෙන, හුදෙක් ග්‍රාමසේවක මහතෙකුගේ රැකියාවට හෝ නුසුදුසු අයෙකුගේ පක්ශයේ සංවිධායක වරයෙකුගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු නොවිය හැකි බව දේශපාලන විචාරකයන්ගේ මේ පිළිබද මතයයි.