ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපතිවරිය ලෙස පත් වූ සමුදිකා ජයරත්න අද (05) ජාතික විගණන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තාය.
මෙරට විගණකාධිපති ධුරයට කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කළ එල්. එස්. අයි. ජයරත්න (සමුදිකා ජයරත්න), නව විගණකාධිපතිවරිය ලෙස පත් කිරීම සඳහා පසුගිය 03 වැනිදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.