පළාත් පාලන ඡන්දය මැයි 06
නාමයෝජනා කැඳවීම අදින් (20) අවසන් වූ 2025 පළාත් පාලන ආයතන මැතවරණයේ ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. ඒ සඳහා වූ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් වු අතර ඉන් පසු මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කරන ලදී.
පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා
නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. “බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි කවද්ද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමට සිදුවන්නේ නාමයෝජනා අරගෙන අවසන් වන දිනයේ නාමයෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි” ජනරාල්වරයා කියා සිටියා.
2025 වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවයි
මැතිවරණ කොමිෂන් සභාව 2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට කටයුතු යොදා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන පරිදි, මෙම අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා දක්වා භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇත. අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්
පළාත් පාලන ඡන්දය කවදාද?
විෂය භාර ඇමතිගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුනි මස 02 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බැවින්, එම මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තොරතුරු හෙළි වූයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන